රග්බි සම්මේලනය නම වෙනස්කරයි


අන්තර්ජාතික රග්බි සම්මේලනය එළැඹෙන නොවැම්බර් 19 වැනිදා සිට සිය නිල නාමය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියි.

අන්තර්ජාතික රග්බි සම්මේලනය පසුගියදා (28දා) නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ නව ප්‍රතිසංස්කරණ යටතේ මෙම නිල නාමය වෙනස් කිරීමට සූදානම් වන බවයි. මෙම ප්‍රතිසංස්කරණවලට අනුව රග්බි සම්මේලනයේ නව නාමය %ලෝක රග්බි සම්මේලනය^  වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සභාපති බර්නාඩ් ලැම්ෂෙඩ් පැවසූවේ ක්‍රීඩාවේ උනන්තිය සඳහා මෙම වෙනස්කම සිදුකරන බවයි. 

 



Recommended Articles