රග්බි ක්‍රීඩකයෙකුත් ජීවිතක්ෂයට


රග්බි තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු මිය යෑමේ අවාසනාවන්ත සිදුවීමක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගියදා (19) වාර්තා වු මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ නිකොලාස් ටූත් නැමති 25 හැවිරිදි රග්බි ක්‍රීඩකයෙකි.

ඔස්ට්‍රේලියානු අන්තර්සමාජ රග්බි රග්බි තරගාවලියක ක්විරින්ඩි ලයන්ස් හා බ්ලූ බොවාර්ස් යන කණ්ඩායම් අතර පැවති තරගයක් අතරතුරදීමෙම සිදුවීම වී ඇත. එහිදී පන්දුව රැගත් නික් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ වැලැක්වීමකට(tackle) ලක් වීම නිසා බිම ඇද වැටීමෙන් හිස තදින් බිම වැදී ඇත. කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා(18) සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව නික්ව වහාම රෝහල්ගත කිරීමට බළධාරීන් ක්‍රියා කළද ඔහු ඊට පසුදින මිය ගිය බව විදෙස් වාර්තා  මගින් දැක්වේ.

 



Recommended Articles