රග්බි ක්‍රීඩක මලීෂ මධුමෙවන් සුව අතට


රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ කොළඹ රාජකීය විදුහලේ රග්බි ක්‍රීඩක මලීෂ මධුමෙවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ අදාළ අනතුරින් හිසේ හා කම්මුල ප්‍රදේශයන් තුවාලයට ලක්වූ මලීෂ  මේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තද එම තුවාල බරපතළ ඒවා නොවන බවත් බොහෝවිට ඔහු අද (14දා) වනවිට රෝහලෙන් පිටත්ව යනු ඇති බවත් වාර්තා වේ. 

එම අනතුරින් මලීෂගේ ඇසට, නිකටට හා හිසට තුවාල සිදුව ඇත. පෙරේදා (12දා) අලුයම සිදුවූ මෙම අනතුරින් රාජකීය විදුහලේ එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් අටදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් එක් සිසුවෙකු මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිිටව ගොස් ඇත. මෙම සිසුන් ගමන් ගත් කැබ් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

main

 



Recommended Articles