යොවුන් ක්‍රීඩකයෝ පළමු ජය ලබයි


මැලේසියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත්කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එක්සත අරාබි එමීර් කණ්ඩායම ලකුණු 66/10 (පන්දුවාර 22, සායෙඩ් හැයිඩර් 16, තිසරු රශ්මික 4/17,  ජෙහාන් ඩැනියෙල් 3/14) රැස්කළේය.

ලකුණු 67ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 68/3 (පන්දුවාර 16, කමිඳු මෙන්ඩිස් 27*, ෆාසිල් ඛාන් 2/30) රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

image_201302191723191

 

 

 



Recommended Articles