යුද හමුදාවර්ණ රාත්‍රිය දා


ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වී දේශයට මහත් කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමේ “වර්ණ රාත්‍රිය - 2013” බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පස්වරුවේ පැවැත්විනි.

යුද හමුදාවේ වාර්ෂික විශේෂාංගයක් ලෙස මෙම “වර්ණ රාත්‍රිය”  පැවැත්වෙන්නේ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව පිළිබඳ ඇති කුසලතා හා දක්ෂතා ඇගයිම සඳහාය. මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 739 දෙනෙක් වර්ණ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබිණ.

මෙම වර්ණ ප්‍රදානයේ දී පසුගිය වසරේ (2013) මලල ක්‍රීඩා, වොලිබෝල්, දුනු විදීම, බැඩ්මින්ටන්, දැල්පන්දු, මුෂ්ඨි ප්‍රහාර, ක්‍රිකට්, එල්ලේ, හොකී, ජූඩෝ, කබඩි, කරාටේ, යතුරු පැදි, පැසිපන්දු, කායවර්ධන, බර ඉසිලීම්, පිහිණුම්, රග්බි, වෙඩි තැබීම්, ස්කොෂ්, මේස පන්දු, ටයිකොන්ඩෝ, අත්පන්දු සහ මල්ලව පොර ආදි තරඟවලින් ජය ලැබූවන්ට වර්ණ ප්‍රදානය කෙරිණි.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රීඩාවල නිරත දමිළ හා මුස්ලිම් තරුණ පිරිස යුද හමුදාව වෙත බඳවාගෙන ‘ක්‍රීඩාව තුලින් නව සංහිඳියාව’ යන නව අරමුණ ඇතිව ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා වැඩිදියුණු කිරිම මෙහි එක් අරමුණකි.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



Recommended Articles