මොයින් අලිගෙන් වේගවත් ශතකයක්


 

සංචාරක බ.ඉ.කොදෙව් කන්ඩායම සමගින් බ්‍රිස්ටල් හිදී පැවති තෙවැනි එක්දින තරගයෙන් තරගයෙන් ලකුනු 124 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත  පන්දුවාර 50 තුළදී කඩුළු 9 කට ලකුණු 369 ක් රැස් කලේ කොදෙව් තීරණය වැරදි බව පෙන්වා දෙමිනි.

එහිදී කොදෙව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පිත්තෙන් පහර දුන් අලි පන්දු 57 කදී හතරේ පහර 7 ක් හා හයේ පහර  ලකුණු 102 ක් රැස් කළ අතර ඔහුගේ ශතකය රැස් වුනේ පන්දු 53 කිනි.

කෙසේ වෙතත් ලකුනු 370ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය කොදෙව් පිතිකරුවන් සියල්ල පන්දුවාර 39 කදී ලකුණු 245 කට දැවි ගියහ.

කළකට පසු එක්දින පිටියේ දක්ෂතා අතරට නැවතත් පැමිණි ක්‍රිස් ගේල් පමණක් ලකුනු 94 ක් රැස් කලේය.

කොදෙව් පිතිකරණ ලැයිස්තුව අඩපණ කළ ලියාම් ප්ලන්කට් කඩුළු 5 ක් දවා ලීය.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරග හෙට (27) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

600 268394 268408

268410



Recommended Articles