මුරලිට ඉන්දියාවේ පුහුණුකරු තනතුරක්


ඉන්දියාවේ බෙංගාල් ප්‍රාන්තයේ දඟපන්දු පුහුණුකරු තනතුරකට ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් පත්කර ඇති බව ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එසේම එම ප්‍රාන්තයේ වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා පාකිස්තානයේ වකාර් යුනිස්ද තෝරාගෙන ඇත. වසර තුනක කාල සීමාවක් සඳහා මොවුන් දෙදෙනා බෙංගාල ප්‍රාන්තයේ පුහුණුකරු තනතුර හෙබවීමට නියමිත අතර, එම ධුර කාලය එළඹෙන 15 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.



Recommended Articles