මුම්බායි දිනුවත් මාලිංගට දැඩි ප්‍රහාරයක්


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදි ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි කණ්ඩායම කඩුලු 6ක ජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 176ක් රැස්කළේය.

පළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු හතරක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය. මෙම තරගයේදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ පන්දුවාර 4දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් ලකුණු 51ක් රැස්කළේය. මාලිංගට දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණකි.

තරගයේ ජයත් සමගින් මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසියේය. ඔවුන් තරග පහක් ක්‍රිඩා කර එයින් තරග 4ක් ජයගෙන තිබේ.

තරගයේ වීරයා ලෙස මුම්බායි කණ්ඩායමේ නිටිෂ් රානා සම්මාන ලැබීය.

01 copy 02 copy Vivo IPL 2017 M16 - MI v GL



Recommended Articles