World Cup Live- ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනයි


ඉන්දීය කණ්ඩායම පරාජය කර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 69 රැස්කරගෙන සිටියි. ඒ අනුව ජයග්‍රහණය සඳහා තවත් පන්දු 60කදී ලකුණු 62ට අවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 69/03    (පන්දුවාර 10)

කුසල් පෙරේරා 5 (පන්දු 7)

තිලකරත්න ඩිල්ෂාන් 18 (පන්දු 16)

මහේල ජයවර්ධන 24 (පන්දු 24) 

කුමාර් සංගක්කාර 17* (පන්දු 12)

සුරේෂ් රයිනා 16/1 (පන්දුවාර 2)

 

------------------------------------------------------------------------------------------------------

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියන්හිදී ලකුණු 1000 සීමාව පසුකළ පළමු හා එකම පිතිකරුවා බවට මහේල ජයවර්ධන මීට සුළු මොහෙතකට පෙර සමත් විය.

-----------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩලු හතරකට ලකුණු 130ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 131ක ඉලක්යක් ලබා දුන්නේය.

------------------------------------------------------------------------------------------------------

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පන්දුවර 10ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු  64ක් රැස් කරගෙන සිටියි.

 

ඉන්දියාව 130/4 (පන්දුවාර 20)

අජින්ක්‍යා රහානේ 3 (පන්දු 8)

රෝහිත් ෂර්මා 29* (පන්දු 26)

විරත් කෝලි 77 (පන්දු 58)

යුවරාජ් සිං 11  (පන්දු 21)

ඇන්ජලෝ මැතිවුස් 25/1 (පන්දුවාර 4) 

නුවන් කුලසේකර 29/1 (පන්දුවාර 4)

රංගන හේරත් 23/1 (පන්දුවාර 4)

-------------------------------------------------------------------------------------------------------

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දීය සංචිතය

මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඩේජා, විරාත් කෝලි, බුවනේෂ්වර් කුමාර්, අජින්ක්‍යා රහානේ, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා, යුවරාජ් සිං, අමිත් මිස්රා, මෝහිත් ෂර්මා

 

ශ්‍රී ලංකා සංචිතය

ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, මහේල ජයවර්ධන, නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, කුමාර සංගක්කාර, සචිත්‍ර සේනානායක, ලහිරු තිරිමාන්න 

 

-------------------------------------------------------------------------------------------------------------

මීර්පූර් පිටියට පතිත වූ වර්ෂාව මේ වන විට නැවතී තිබේ. ක්‍රීඩාපිටියේ ආවරණ ඉවත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 7.10ට ආරමභ වීමට නියමිතය.

----------------------------------------------------------------------------------------------------------

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වීමට නියමිත බංග්ලාදේශයේ මීර්පූර් ප්‍රදේශයට මේ වන විට වර්ෂාව පතිත වීම ආරම්භවී ඇත. බංග්ලාදේශ වාර්තා පෙන්වා දෙන්නේ එය තද වැස්සක් නොවන බවයි. කෙසේ නමුත් මේ වන විට පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බවත් බංග්ලාදේශ වාර්තා පෙන්වා දෙයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. යම් හෙයකින් අද තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අතිරේක දිනයක් ලෙස හෙට යොදාගෙන තිබෙන හෙයින් හෙට තරගය පැවැත්වෙයි.



Recommended Articles