මිචෙල් ස්ටාක්ගෙන් වාර්තාවක්


ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකකදී කඩුලු ත්‍රිත්ව දෙකක් දවා ගැනීමට ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය.

ඒ අනුව වසර 40කට පසුව එවැනි දක්ෂතාවක් දැක්වූ පන්දු යවන්නා ලෙසත් ස්ටාක් වාර්තා අතරට එක්ව සිටියි.

නිව් සවුත් වෙල්ස් කණ්ඩායම හා වෙස්ටර්න් ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයකදී නිව් සවුත් වෙලස් කණ්ඩායම වෙනුවෙන් ස්මිත් මෙම දක්ෂතා දැක්වීය.

වෙස්ටර්න් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වයත්, දෙවැනි ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වයත් ස්ටාක් දවාගත්තේය. තරගයෙන් ලකුණු 171ක ජයක් නිව් සවුත් වෙලස් කණ්ඩායම ලබාගත් අතර ස්ටාක් ලකුණු 97ට කඩුලු හතක් දවාගත්තේය.   

TELEMMGLPICT000145827392_trans_NvBQzQNjv4BqpdpCsDEHI-S5JwZr3nT67FjKkg6BxshTkQSFIPEistw



Recommended Articles