මැනි පැකායෝට කර්නල් තනතුරක්


පිලිපීන බොක්සිං තරුව වන සුපිරි බොක්සිං ක්‍රීඩක මැනි පැකායෝ යුධ හමුදා කර්නල් තනතුරට උසස් කොට ඇත. පිලිපීන යුද හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් එමානුවෙල් බැටිස්ටා විසින් මෙම නිළය ඊයේ පැකායෝ වෙත පිරිනමා තිබුණි.

පිලිපීන ඉතිහාසයේ බිහිවූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයෙකු වන පැකායෝ ලොව බිහිවූ අතිදක්ෂ ප්‍රහාරකයෙකු ලෙසින්ද ප්‍රකටය. එමෙන්ම දේශපාලඥයෙකු, ගායකයෙකු හා රංගන ශිල්පියෙකු ලෙසින්ද ඔහු නමක් දිනා ඇත.

ඔහු  බොක්සිං ඉතිහාසයේ කැපී පෙනෙන්නේ වෘත්තීය බොක්සිං ක්‍රිඩාවේ බර පංති 8 ක ලෝක ශූරතාවන් දිනා ගත්තෙකු ලෙසිනි.

එමෙන්ම ඔහු 2015 වර්ෂයේදී  සුපිරි බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර්  සමගින් සිදු කළ තරගය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ බොක්සිං තරගයක් විය.

හෙතෙම 2006 වර්ෂයේදී සාජන්වරයෙකු ලෙස පිළිපීන යුද හමුදාව හා එක්වන අතර  මීට පෙර අවසන් වරට ඔහු 2011 වර්ෂයේදී ලුතිනල් කර්නල්වරයෙකු ලෙස උසස්වීම් ලැබිය.

 

640_ZZZ_120511_news 71134 IMG_3496 pacquiao



Recommended Articles