මැතිව්ස් පියවරක් ඉදිරියට


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙරේදා (04දා) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

එහි අංක එක ස්ථානයේ පසුවන කුමාර් සංගක්කාරගේ ස්ථානයේ වෙනසක් සිදුව නොමැත. ඔස්ට්‍රේලියාව හා පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ යුනිස් ඛාන් හයවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකිනුත්, මිස්බා උල් හක් අට වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකිනුත් ඉදිරියට පැමිණ තිබේ.

පළමු ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා

  1. කුමාර් සංගක්කාර 

  2. ඒ.බී. ඩිවිලියර්ස්

  3. ෂිවනාරින් චන්ද්‍රපෝල්

  4. ඇන්ජලෝ මැතිව්ස්

  5. හෂීම් අම්ලා

  6. යුනිස් ඛාන්

  7. ඩේවිඩ් වෝනර්

  8. මිස්බා උල් හක්

  9. රොස් ටේලර්

  10. ජෝ රූට්

 

 



Recommended Articles