මැතිව්ස්, චතුරංග ශ්‍රී ලංකාවට ජයගෙනෙති


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර අද (06 දා) මිර්පූර් හි පැවති පළමු වටයේ අවසන් තරගයෙන් කඩුලු 3 ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

නායක ඇන්ජලෝ මැතිව්ස් හා චතුරංග ද සිල්වා 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී  ලංකා ඉනිම ශක්තිමත් කළහ. චතුරංග, මැතිව්ස් හා එක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 75 ක් හිමිකරගනිමින් අවදානම් තත්ත්වයක පසුවිය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 204 ක් රැස්කළේය.

බංගල්දේශය 204/9 (පන්දුවාර)

අනාමුල් හක් 49 (පන්දු 86, 4x2, 6x1)

සම්සූර් රෙහෙමාන් 39 (පන්දු 57, 4x6)

සුරංග ලක්මාල් 32/2 (පන්දුවාර 10)

තිසර පෙරේරා 29/2 (පන්දුවාර 8)

අශාන් ප්‍රියන්ජන් 11/2 (පන්දුවාර03)

අජන්ත මෙන්ඩිස් 55/2 (පන්දුවාර 9)

ශ්‍රී ලංකාව 208/7 (පන්දුවාර 49)

ඇන්ජලෝ මැතිව්ස් 74* (පන්දු 103, 4x7, 6x1 )

චතුරංගද සිල්වා 44 (පන්දු 52, 4x5) 

ළහිරු තිරිමාන්න 33 (පන්දු60, 4x3)

අශාන්  ප්‍රියන්ජන් 24 (පන්දු38, 4x3)

අල් අමින් හුසේන් 42/2 (පන්දුවාර 10)

සියාවුර් රෙහෙමාන් 34/1 (පන්දුවාර 10)

අර්ෆත් සනී 46/1 (පන්දුවාර 7)



Recommended Articles