මැතිව්ස් ආබාධයකට - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු තරගය අහිමිවෙනු ඇති බව වාර්තා වෙයි. ඔහු ආබාධයකට ලක්වීම නිසා මෙම තරගය අහිමිවීමේ අවදානමට ඔහු ලක්ව තිබේ. 

පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම්හි නිරත වෙමින් සිටි ‍ඔහු අද (20දා) බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

පාකිස්තාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි පළමු තරගයට අබුඩාබි ශෙයික් සායිඩ් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 28 දා ආරම්භ වීමට නියමිතය.

- ක්‍රික්බස් ඇසුරෙනි



Recommended Articles