මැතිව්ස්ට ලක්ෂ 447ක ලංසුවක්


මේ වසරේදී පැවැත්වීමට නියමිත් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිස්ව්ට ඇමෙරිකානු ඩොලර් 298000 ක (රුපියල් ලක්ෂ 447ක පමණ) මුලික මිලක් නියම වී තිබේ.

ක්‍රීඩක වෙන්දේසියේදි වැඩිම මිලක් නියම වූ ක්‍රීඩකය හත් දෙනාට මෙසේ රුපියල් ලක්ෂ 447ක මූලික මිලක් නියමවී ඇත. මැතිව්ස්ට අමතරව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ඔයින් මෝගන්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්, පැට් කමින්ස් ඉන්දියාවේ ඉෂාන්ත් ශර්මා මෙසේ ඉහළ මිලක් නියම වූ ක්‍රීඩකයෝ වෙති. ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන 20දා බැංගලෝරයේදී පැවැත්වීමට නියමිතය. 



Recommended Articles