මැතිව්ස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පණ ලබයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර අබුඩාබිහි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.

එම ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දෙවැනි ඉනිමේදී පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු  216 ක් ඉදිරියෙන් පසුවේ. පන්දුවාර 138 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 395 ක් රැස් කරගෙන සිටියි. ඇන්ජලෝ මැතිව්ස් (107), ප්‍රසන්න ජයවර්ධන (32) නොදැවී පිටියේ රැදී සිටිති



Recommended Articles