මැතිව්ස්ගේ දිල්ලි කණ්ඩායමට පහසු ජයක්


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 15 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර දිල්ලි ෆේරෝෂ් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පංජාබ් කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දු 22කදී හයේ පහර තුනක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 39ක් රැස්කළ කුරේ ඇන්ඩර්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඔහු පන්දු යැවීමෙන්ද පන්දුවාර තුනකදී ලකුණු 23ට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

දිල්ලි කණ්ඩායම ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් මිලට ගත්තත් ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් තවමත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබි නොමැත.

Vivo IPL 2017 M15 - DD v KXIP 1 2

 



Recommended Articles