මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි


ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (25දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 12 ක  තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 297 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායමට සියලුදෙනාම දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 284 ක් පමණි.

ජයග්‍රහණයට ලගාවෙමින් තිබූ පාකිස්තානු ඉනිම පාලනය කළ ලසිත් මාලිංග ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු පහම දවා ගැනීමට සමත්විය. එම දක්‍ෂතාවත් සමගින් තම එක්දින දිවියේ කඩුලු 250 කඩයිම පසුකර යාමට මාලිංගට හැකිවිය. එම කඩයිම පසුකළ සිව්වැනි ශ්‍රී ලාංකික මෙන්ම ලොව 23 වැනි පන්දු යවන්නාද ඔහුවේ.

එමෙන්ම මාලිංග සහභාගී වූ තරග අතරින් කඩුලු 3 ක් හෝ ඊට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් දවාගත් තරගවලින් 70% කම ජය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 296 රැස්කිරීමට සමත්විය.

 

ශ්‍රී ලංකාව 296/6 (පන්දුවාර 50)

ළහිරැ තිරිමාන්න 102 (පන්දු 110, 4x11, 6x1)

කුමාර් සංගක්කාර 67 (පන්දු 65 , 4x8)

ඇන්ජලෝ මැතිව්ස් 55* (පන්දු 50, 4x5, 6x1)

පාකිස්තානය පන්දු යැවීම

උමාර් ගුල් 38/2 (පන්දුවාර 8)

ෂහීඩ් අෆ්රිඩි 56/2 (පන්දුවාර 10)

ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ කඩුලු වැටීම

කුසල් (28/1), සංගක්කාර (189/2), තිරිමාන්න (204/3), මහේල (224/4), තිසර (245/5), චතුරංග (251/6)   

පාකිස්තානය  284/10 (පන්දුවාර 48.5)

උමාර් අක්මාල් 74 (පන්දු 72, 4x7, 6x3)

මිස්බා උල් හක් 73 (පන්දු 84, 4x4, 6x2)

අහමඩ් ශෙසාද් 28 (පන්දු 37, 4x4)

ශ්‍රී ලංකාව පන්දු යැවීම

ලසිත් මාලිංග 52/5 (පන්දුවාර 9.5)

සුරංග ලක්මාල් 65/2(පන්දුවාර 10)

චතුරංග ද සිල්වා 47/1 (පන්දුවාර 10)

පාකිස්තාන කණ්ඩායමේ කඩුලු වැටීම

සාර්ජිල් (28/1), ශෙසාඩ් (77/2), හෆීස් (83/3), මක්ෂූඩ් (121/4), අක්මාල් (242/5), අෆ්ර්ඩී (252/6), මිස්බා(252/7), ගුල්(262/8), අජ්මාල්(281/9), බිලාවල්(284/10)

ඡායාරූප AFP

 



Recommended Articles