මාලිංග කඩුලු 1000 පසුකරයි


දේශීය හා ජාත්‍යන්තර පිටිය තුළ කඩුලු 1000 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග අද (14දා) සමත් විය. ඒ දේශීය එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. කණ්ඩායම හා කොළඹ ක්‍රිකට් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරගාවලියේදී එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඔහු කඩුලු 4ක් දවාගැනීමත් සමගිනි.

මෙම තරගය ආරම්භවීමට මත්තෙන් මාලිංග පළමු පෙළ, ලිස්ට් ඒ තරග හා විස්සයි20 තරගවලදී දවාගෙන තිබුණු කඩුලු ප්‍රමාණය 998ක් විය. අද ලබාගත් කඩුලු 4ත් සමග මාලිංගගේ කඩුලු සංඛ්‍යාව 1002ක් දක්වා වර්ධනය විය.

මාලිංග කඩුලු දවාගෙන ඇති ආකාරය (අද තරගයද ඇතුළත්ව)

පළමු පෙළ තරග 257

ලිස්ට් ඒ තරග 397

විස්සයි20 තරග 348

267787

 

 



Recommended Articles