ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පාකිස්තනය හා පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. මෑත කාලීනව ඔහු එක්දින පිටියේදී දක්ෂතා දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට මෙසේ කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.
මේ අතර කෙණ්ඩයේ ආබාධයකට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්ටද එක්දින තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිවී තිබේ.
ලසිත් මාලංග පාකිස්තානය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලියට සම්බන්ධ කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව නම් කළ පළමු එක්දින සංචිතය මෙය වෙයි.