මාලිංගගේ වාර්තාව හෙට


ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතයේ වෛද්‍ය කමිටුව සැකසූ වාර්තාව හෙට (26දා) දිනයේදී ක්‍රිකට් ආයතනයට භාරදෙන බව එම කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා 'අද' ට පැවසීය.

ලසිත් මාලිංග පාදයේ ආබාධයක් හේතුවෙන් පසුගිය ආසියානු කුසලානයේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර ඒ හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියද අහිමි විය.

කෙසේ වෙතත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරු පවසා තිබුණේ මාලිංගට මාස 4 ක් විවේක ගන්නා ලෙසයි. එම ප්‍රකාශය තහවුරු කරමින් පසුගියදා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ද පැවසුවේ මාලිංගට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගත යුතු බවයි. 



Recommended Articles