මාලිංගගේ මුම්බායි පියවරක් ඉදිරියට


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ඊ‍යේ (12දා) රාත්‍රියේ හයිද්‍රාබාද්හිදී පැවැති 36 වැනි තරගයෙන් කඩුලු හතක ජයක් ලැබීමට මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම තර‍ගයේ 18.4 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. අර්ධ ශතක දෙකකින් මුම්බායි ඉනිම ශක්තිමත් කළ ලෙන්ඩ්ල් සිමන්ස් හා අම්බටි රයිදු ලකුණු 68 බැගින් රැස්කළහ. තරගයේ වීරයා ලෙස අම්බටි රයිදු සම්මාන ලැබීය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 157/3 රැස්කිරීමට සමත්විය. ආරෝන් ෆින්ච් (68), ඩේවිඩ් වෝනර් (55) පන්දුවට පහරදීමෙන් දක්‍ෂතා දැක්වූ අතර, ලසිත් මාලිංග 35/2 කඩුලු දවාළීය.

හයිද්‍රාබාද් 157/3 (පන්දුවාර 20)

ආරෝන් ‍ෆින්ච් 68 (පන්දු 62, 4x7, 6x2)

ඩේවිඩ් වෝනර් නොදැවී 55 (පන්දු 31, 4x6, 6x7)

ලසිත්  මාලිංග 35/2 (පන්දුවාර 4)

 

මුම්බායි 160/3  (පන්දුවාර 18.4)

අම්බති රයිදු 68 (පන්දු 46, 4x7, 6x2)

ලෙන්ඩ්ස් සිමන්ස් 68 (පන්දු 50, 4x5, 6x4)

භුවනේෂ්වර් කුමාර් 21/2 (පන්දුවාර 4)



Recommended Articles