මාලිංගගේ මුම්බායි පරදියි


හත්වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (16දා) අබුඩාබිහිදී පැවැති පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 41ක ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ලකුණු 164ක ඉලක්කයක් හඹාගිය මුම්බායි පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණි. දක්‍ෂ පන්දු යැවීමක නිරතවෙමින් මුම්බායි ඉනිම අසරණ කළ සුනිල් නාරින් 20/4 ‍ලෙස කඩුලු දවාලීමට සමත්විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 163/5 රැස්කිරීමට සමත්විය. ලසිත් මාලිංග තඩුලු 4 ක් දවාලමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ අතර, එම දක්‍ෂතාවත් සමගින් මාලිංග, මේවන විට අයි.පී.එල් තරගාවලිය තුළ බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107කි.

කොල්කටා නයිට් රයිඩර්ස් 163/5 (පන්දුවාර 20)

ජැක් කාලිස් 72 (පන්දු 46, 4x5, 6x3)

මනීෂ් පාන්ඩේ 64 (පන්දු 53, 4x6, 6x2)

සූර්යකුමාර් යාදව් නොදැවී 13 (පන්දු 5, 4x3)

ලසිත් මාලිංග 23/4 (පන්දුවාර 4)

සහීර් ඛාන් 23/1 (පන්දුවාර 4)

 

මුම්බායි ඉන්දියන්ස් 122/7 (පන්දුවාර 20)

අම්බති රයිදු 48 (පන්දු 40, 4x4)

රෝහිත් ශර්මා 27 (පන්දු 20, 6x1)

ආදිත්‍ය තාරේ 24 (පන්දු 22, 4x2, 6x1)

සුනිල් නාරින් 20/4  (පන්දුවාර 4)

මෝනෙ මෝකල් 16/1 (පන්දුවාර 4)

 

 



Recommended Articles