මහනුවර දෙවැනි ජයත් සම්පූර්ණ කරයි


මෙවර ඩයලාග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ  සිය ජයමාවත ඉදිරියටත් ගෙන යමින් පොලිස්  කණ්ඩායම පරදා ලකුණු 43-11 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ පොලිස් මූලස්ථාන පිටියේදී ඊයේ (11) පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමු අර්ධය නිමා වන විටදී ලකුණු 31-06 ක් ලෙස පැහැදිලි පෙරමුණක් ලබා සිටියේය.

මහනුවර ලකුණු පුවරුව වෙනුවෙන් ගෝල දිනුම් 4 ක් හා උත්සාහක දිනුම් 3 ක් වාර්තා වූ අතර පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුවට දඩුවම් පහරක්, ඩ්‍රොප් ගෝලයක් හා උත්සාහක  දිනුමක් අන්තර්ගත  විය.

මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙයයි.

IMG_1034 IMG_1042 IMG_1053 IMG_1089 IMG_1094 IMG_1104 IMG_1140 IMG_1151 IMG_1171 IMG_1244 IMG_1263 IMG_1268 IMG_1273 IMG_1294 IMG_1330 IMG_1368

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles