මහනුවර, ගුවන් හමුදා හා නාවික හමුදා සිව්වැනි සතියේ ජය වාර්තා කර ගනියි


අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ  සිව්වැනි සති අන්තයේ තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර , ගුවන් හමුදා, නාවික හමුදා කණ්ඩායම් සමත් විය. මේ අතර පොලිස් හා හැව්ලොක්ස් අතර කොළඹ පොලිස් පිටියේදි පැවති තරගය ජය පැරදුමින් තොරව නිමා විය.

මෙහිදී මහනුවර නිත්තවෙළ පිටියේදී පැවති තරගයේදී ප්‍රභල මහනුවර කණ්ඩායමට දැඩි තරගයක් ලබා දීමට සී.එච්. කණ්ඩායම සමත් වුවද එය ලකුනු 34-23 ක් ලෙසින් ජය ගැනීමට මහනුවර සමත් විය.

එමෙන්ම පෙරේදා (20) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති තරගයෙන් ප්‍රභල යුද හමුදාව පරදා ලකුණු 33-10 ක ජයක් හිමිකර ගැනිමට ගුවන් හමුදාව සමත්විය.

මේ අතර තරගාවලියේ සිය අණසක යලිත් පතුරමින් සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම ලකුණු 34-18 ක් ලෙස පරදා ජය ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

මීට අමතරව ඊයේ (21) කොළඹ පොලිස් පිටියේදී පැවති  හැව්ලොක්ස්- පොලිස් අතර තරගය ලකුණු 24-24 ක් ලෙසින් ජය පැරදුමින් තොරව නිමාවට පත් විය.

IMG_1747 IMG_1753 IMG_1758 IMG_1784 IMG_1812 IMG_1842 IMG_1847 IMG_1853 IMG_1876 IMG_1892 IMG_1976 IMG_2066

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles