මහනුවර ක්ලිෆර්ඩ් ශූරතාව දිනයි


නයිජල් රත්වත්තේ ඇතුළු පසුපෙළ ක්‍රීඩකයන්ගේ සාර්ථකත්වය හේතුවෙන් 19 වැනි වරටත් ක්ලිෆර්ඩ් කුසලානයක පහස විඳීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකිවිය. ඒ පසුගියදා (26දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙවර තරගාවලියේ අවසන් තරගයෙන් කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 31-28 ක් ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර පැවැත්වූ මෙම තරගයේ ආරම්භයේදීම කණ්ඩායම් දෙකෙන්ම කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය විය. 

එහිදී තරගයේ ආරම්භක උත්සාහක දිනුම වාර්තා කරමින් ඉදිරියට පැමිණීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය අවසනදී ඔවුන් ඉදිරියෙන් සිටියේ ලකුණු 16-13 ක් ලෙසිනි. කෙසේ වෙතත් සිය පළපුරුද්ද තරගය අවසානය දක්වාම අතනොහැරි මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වෙමින් නොකඩවා දෙවැනි වතාවටත් කිරුළ මහනුවරට රැගෙන යාමට සමත් වූහ.

DSC_1336

ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුම් තුනක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 04 ක් මගින් සිය ලකුණු රැස් කළහ. එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් නයිජල් රත්වත්ත දඬුවම් පහර 04 ක් හා ප්‍රවර්තන 02 ක් සාර්ථක කළ අතර, ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා රිචඩ් ධර්මපාල එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව දිනූ 14 වැනි වතාව ලෙසින් මෙය ලෙස ඉතිහාසගත විය. මෙම තරගයත් සමගින් මෙවර රග්බි තරගවාරය (15 සාමාජික) අවසන් විය. 

_DSC3267 _DSC3324 _DSC3337 _DSC3397 DSC_1135(path) DSC_1313

ඕෂිත වරකපිටිය/ඡායාරූප - ඉන්ද්‍රරත්න බාලසූරිය 



Recommended Articles