බැංගලෝර් කඩුලු අටකින් දිල්ලි පරදයි


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17දා) සාජාහිදී පැවැති දෙවැනි තරගයෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කර කඩුලු අටක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

ලකුණු 146 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිතිකරුවෝ කඩුලු දෙකක් පමණක් දැවී තරගයේ 16.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ.

තුන්වැනි කඩුල්ලට ලකුණු 84ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් කණ්ඩාම ජයග්‍රහණය කරා රැගෙන ගිය යුවරාජ් සිං ලකුණු 52ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් නායක විරාට් කෝලි ලකුණු 49 රැස්කිරීමට සමත්විය.

බැංගලෝර් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 145/4 රැස්කිරීමට සමත්විය. දිල්ලි ඉනිම පාලනය කරමින් 18/1 ලෙස කඩුලු දවාළමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ යස්වේන්ඩ්‍ර චාහල් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

දිල්ලි ඩෙයාඩෙවිල්ස් 145/4 (පන්දුවාර 20)

ජේ.පී. ඩුමිනි 67 (පන්දු 48, 4x4, 6x3)

රොස් ටේලර් 43* (පන්දු 39, 4x4)

මුරලි විජේ 18 (පන්දු 20, 4x1, 6x1)

 

බැංගලෝර් පන්දු යැවීම

යස්වේන්ඩ්‍ර චාහල් 18/1 (පන්දුවාර 4)

වරුන් අරොන් 9/1 (පන්දුවාර 3)

ඇල්බි මෝකල් 18/1 (පන්දුවාර 3)

 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 146/2 (පන්දුවාර 16.4)

යුවරාජ් සිං 52* (පන්දු 29, 4x3, 6x5)

විරාට් කෝලි 49* (පන්දු 38, 4x2, 6x3)

පාර්තිව් පටෙල් 37 (පන්දු 28, 4x5, 6x1)

 

දිල්ලි පන්දු යැවීම

මොහොමඩ් සාමි 30/1 (පන්දුවාර 4)

රාහුල් ශර්මා 33/1 (පන්දුවාර 3)



Recommended Articles