බ්‍රැඩ්බි පළමු අදියර රාජකීය දිනයි


කොළඹ රාජකීය - මහනුවර ත්‍රිත්ව 72 වැනි 'බ්‍රැඩ්බි පළිහ' වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර ජය ගනිමින් මෙවර තරගයේ සිය පෙරමුණ තහවුරු කර ගැනීමට කොළඹ රාජකීය විදුහල පෙරේදා (30දා) සමත් විය. ත්‍රිත්ව විදුහල ලකුණු 22-17ක් ලෙස පරාජය කර රාජකීයයෝ පළමු අදියරේ පෙරමුණ ගත්හ.

පළමු අර්ධයේදීම තරගයේ පෙරමුණ ගත් රාජකීය විදුහල් කණ්ඩායම එම අර්ධය අවසන් කළේ ලකුණු 17-07 ක් ලෙසිනි. තරගයට වර්ෂාව පතිත වීමත් සමගින් දෙවැනි අර්ධය තරමක් මඩ සහිත ක්‍රීඩාපිටියක ආරම්භ කිරීමට කණ්ඩායම් දෙකටම සිදු විය.

13076716_1342656329084412_5295001971428084704_n 13082495_1342655129084532_6386201411780176057_n

තරගයේ අවසානය දක්වාම උණුසුම් වන බවක් පෙන්නුම් කරමින් ත්‍රිත්ව විදුහලේ වින්ග් ක්‍රීඩක දිලුක්ෂ දංගේ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එහි ප්‍රවර්තනයද ලෂේන් විසින් සාර්ථක කර ගැනීමත් සමගින් ලකුණු පුවරුව 67 වැනි මිනිත්තුව වන විට ලකුණු 17-17 ක් ලෙසින් සම තත්ත්වයේ පැවතිණ.

13094282_1342656449084400_3878758684491026835_n

කෙසේනමුත් සිය මව් ක්‍රීඩාංගණය තුළදී ජයග්‍රහණය බලාපොරොත්තු අත්නොහැරීමට ක්‍රියා කළ රාජකීය විදුහල 76  වැනි මිනිත්තුවේදී සිය ජයග්‍රහණය නැවතත් සොයා ගැනීමට  සමත් වූ අතර, අස්මීර් ෆජුඩීන් විසින් වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුම ඊට ඉවහල් විය.

ඒ සමගින් තරගයේ අවසානය දක්වාම ඉදිරිය සනිටුහන් කර ගත් රාජකීයයෝ තරගයේ අවසන් කළේ 72 වැනි බ්‍රැඩ්බි කිරුළ හිමිකර ගැනීමට තමන්ට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලමිනි.

13151482_1343192762364102_4151304122393989852_n13133390_1342654959084549_656926702137388114_n

 

 

 

 
 
 


Recommended Articles