බ්‍රැඩ්බි කිරුළ රාජකීයයන්ට


2018 බ්‍රැඩ්බි රග්බි කිරුළ ජයග්‍රහණය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. ඒ ත්‍රිත්ව විදුහල් කණ්ඩායම හා පැවැත් වෙන තරගයේ දෙවැනි අදියරෙන්ද ලකුණු 27-19ක ජයක් ලබමිනි.

කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඩ්බි රග්බි තරගාවලියේ දෙවැනි අදියර අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැතියේය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පසුගියදා පැවැති පළමු අදියරද රාජකීය විදුහල් කණ්ඩායම ජයගත් අතර ඒ ලකුණු 39-07ක් ලෙසිනි.

1392

 

 



Recommended Articles