බ්‍රසිලය ඉදිරියට


බ්‍රසීලය 4-1 කැමරූන්

පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ සත්කාරකත්වය හිමි බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට අද (24දා) අලුයම් සමත්විය. ඒ කැමරූන් කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක පහසු ජයක් ලබමිනි. බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් සුපිරි ක්‍රීඩක නේමාර් ගෝල දෙකක් වාර්තා කළේය.

නෙදර්ලන්තය 2-0 චිලී

නෙදර්ලන්ත කණ්ඩායම හා චිලී කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙසින් පහසුවෙන්ම ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත් නෙදර්ලන්තය හා චිලීයන කණ්ඩායම් අවසන් 16 දෙනාගේ වටයේදී සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

ඔස්ට්‍රේලියාව 0-3 ස්පාඤ්ඤය

පසුගියවර ලෝක ශූරයන් වුවත් මෙවර තරගාවලියේ දරුණු පසුබෑමකට පත්ව තිබෙන ස්පාඤ්ඤ කණ්ඩායම තමා මුහුණ දුන් අවසන් තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරිමට සමත්විය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමිනි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව හා ස්පාඤ්ඤය තරගාවලියෙන් ඉවත්වී තිබේ.

ක්‍රොඒෂියාව 1- 3 මෙක්සිකෝව

ක්‍රොඒෂියාව හා පැවැති තරගය ගෝල 3-1ක් ලෙස ජයගත් මෙක්සිකෝ කණ්ඩායම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. 



Recommended Articles