බ්‍රසල්ස් ප්‍රහාරයට කොටු වූ ක්‍රීඩකයා


බ්‍රසල්ස් ගුවන්තොටුපළට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඇමෙරිකා සුප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩක ඩිකෙම්බේ මුටොම්බෝද එහි සිටි බව වාර්තා වේ.

ඉකුත්දා (22දා) අලුයම මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමා එහි සිටි බවත්, තමාට කිසිම කරදරයක් නොමැති බවත් ඩිකෙම්බේ මුටොම්බෝ ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් තම ක්‍රීඩාලෝලීන්ට ප්‍රකාශ කර තිබිණි.

මුටොම්බෝ ඇමෙරිකා බාස්කට් බෝල් (NBA) තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රසිද්ධිම ක්‍රීඩකයෙකි.

ෂෙහානි දිල්රුක්ෂිකා

 



Recommended Articles