බ්ලෙඩිස්ලෝ කුසලානය මෙවරත් නවසීලන්තයට


තියුණු සටනකින් අනතුරුව ඔස්ට්‍රේලියාව ලකුණු 35-29ක් ලෙස පරදා වාර්ෂික බ්ලෙඩිස්ලෝ කුසලානය මෙවරත් හිමි කර ගැනීමට නවසීන්තය සමත් විය. නවසීලන්තයේ ඩුනේඩින් හිදී පැවති තරගයේ පළමු උත්සාහක  දිනුම් තුනම රැස් කරමින් ප්‍රතිවාදීන්ට දැඩි සටනක් ලබා දීමට ඔස්ට්‍රේලියානුවකන් සමත් වූ අතර පළමු අර්ධය නිමා වන විටදීද ඔවුන් ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටියේ 17-14 ක් ලෙසිනි.

මේ තරගයේ ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්තය සමත් විය. තරගාවලියේ පසුගියදා (19) පැවති පළමු තරගයේ ජය ද නවසීලන්තය විසින් හිමි කර ගත්තේය.

මෙය බ්ලෙඩිස්ලෝ කුසලානය ඔස්ට්‍රේලියාව විසින් දිනා ගත් 45 වැනි අවස්ථාව වන අතර 2003 වර්ෂයේ සිට මේ දක්වා ඔවුන් එය අඛණ්ඩව ජයගෙන ඇත.

මෙහි තෙවැනි හා අවසන් තරගය එළඹෙන 21 වැනිදා ඔස්ට්‍රේලියාවෙ බ්‍රිස්බේන් හිදී පැවැත්වේ.

4392FE0200000578-0-image-a-15_1503750858279 43930B6800000578-0-image-a-7_1503750741805 43930BE000000578-0-image-a-14_1503750823180 43933F3A00000578-0-image-a-11_1503750780130 43936B4900000578-0-image-a-13_1503750808098 439358C800000578-0-image-a-10_1503750750310 4393565F00000578-0-image-a-2_1503750716509



Recommended Articles