බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය හා IPL ආරම්භය මැතිව්ස්ට අහිමිවෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ආරම්භක තරග කිහිපයක් අහිමිවෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.

දකුණු අප්‍රිකාව හා පැවැති විස්සයි20 තරගාවලියේදී මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියා විස්සයි20 තරගාවලිය, බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය හා බංග්ලාදේශය හා පැවැති එක්දින තරගාවලියද මැතිව්ස්ට අහිමි විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය සඳහා මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි පළමු තරගය අප්‍රේල් 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

මැතිව්ස් සම්පූර්ණ වශයෙන්ම සුව වෙන තෙක් අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහු නිදහස් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් නොමැති බවද වාර්තා වෙයි.

South Africa Sri Lanka Cricket



Recommended Articles