බංග්ලාදේශය 110ට දැවී යයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 110කට දැවී ගියේය.ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 112ක් ඉදිරියෙන් සිටියි. 

ඊයේ දිනය නිමාවන විට බංග්ලාදේශය කඩුලු 4ට ලකුණු 56ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව තවත් ලකුණු 44ක් තුළදී බංග්ලාදේශයේ ඉතිරි කඩුලු 6 ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අකිල ධනංජය හා සුරංග ලක්මාල් කඩුලු තුන බැගින් දවාගත් අතර ඩිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායමේ ඉහළම ඉනිම මෙහෙදි හසන් මිරාස් විසින් වාර්තා කළ අතර ඔහු නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

image_1518031808-0ff16eaf0e4

 



Recommended Articles