බංග්ලාදේශය ලකුණු 161 ක් පසුපසින් නවතියි


චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා අද (07දා) මීට සුළු වේලාවකට පෙර ලකුණු 426කට දැවීගියේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 161 ක් පසුපසින් ඔවුන්ගේ ඉනිම අවසන් විය.

ඊයේ (06දා) තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 409 ක් රැස්කරගෙන සිටියේය. අද බිඳවැටුණු කඩුලු දෙකෙහිම හිමිකරුවා වූ අජන්ත මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම මෙම තරගයේදී සනිටුවන් කිරීමට සමත්වූ අතර, ඔහු ලකුණු 99 ට කඩුලු 6 ක් දවාලීමට සමත්විය. 2008 වසරේදී ඔහු ගාල්ලේදී, ඉන්දියාවට එරෙහිව 117/6 ලෙස කඩුලු දවාලමින් හොදම පන්දු යැවීම වාර්තා කර තිබිණි.

 

ශ්‍රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)

කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)

මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)

අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)

කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)

දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)

 

බංග්ලාදේශය පන්දු යැවීම

ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)

නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)

 

බංග්ලාදේශය පළමු ඉනිම 426/10 (පන්දුවාර 11.5)

ඉම්රුල් කායිස් 115 (පන්දු 218, 4x17, 6x1)

ශම්සූර් රෙහමාන් ‍106 (පන්දු 191, 4x11, 6x1)

ශකීබ් අල් හසන් 50 (පන්දු 89, 4x9)

 

ශ්‍රී ලංකාව පන්දු යැවීම

අජන්ත මෙන්ඩිස් 99/6 (29.5)

දිල්රුවන් පෙරේරා 119/3 (පන්දුවාර 39)

සුරංග ලක්මාල් 70/1 (පන්දුවාර 23)



Recommended Articles