බංග්ලාදේශය ලකුණු 232කට සීමාවෙයි


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මීර්පූර්හි අද (27දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 63.5 ක් අවසානයේ ලකුණු 232කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

සිය ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ ශමින්ද එරංග ලකුණු 49කට කඩුලු 4 ක් දවාලීය. ඊට අමතරව සුරංග ලක්මාල් (66/3), රංගන හේරත් (50/2), ඇන්ජලෝ මැතිව්ස් (18/1) ලෙස පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ.

බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූ නායක මුෂ්‍ෆිකර් රහීම් ලකුණු 61 ක් රැස්කළ අතර, ශකීබ් අල් හසන් ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

 

බංග්ලාදේශය පළමු ඉනිම ‍232/10 (පන්දුවාර 63.5)

මුෂ්ෆීකර් රහීම් 61 (පන්දු 122, 4x9)

ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)

සොහාග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)

සම්සුර් රෙහමාන් 33 (පන්දු 34, 4x7)

මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)

තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)

 

ශ්‍රී ලංකාව පන්දු යැවීම

ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)

සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)

රංගන හේරත් 50/2 (පන්දුවාර 11)

ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)

 

 



Recommended Articles