ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට


(UPDATE)14.35 බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් ලබමිනි. මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 82ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.5කදී ඉලක්කය පසුකර ගියේය. ධනුෂ්ක ගුණතිලක (35*) හා උපුල් තරංග (37*) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අවසන් මහ තරගය සෙනසුරාදා (27දා) පැවැත්වීමට නියමිතය.

Capture


2018/01/25 13.35 PM ශ්‍රී ලංකාවට ලකුණු 83ක ඉලක්කයක්

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 82කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාට ලකුණු 83ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබේ. සුරංග ලක්මාල්  කඩුලු 3ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්හ.බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව මුෂ්ෆිකාර් රහීම් (26) වාර්තා කිරීමට සමත්විය. 

1 2


2018/01/25 12.35 PM ශ්‍රී ලංකාවෙන් තරගකාරී ආරම්භයක්

මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින බංග්ලදේශ කණ්ඩායම පන්දුවා 11.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 40ක් රැස්කරගෙන තරමක අසීරු තත්ත්වයක සිටියි. වේ තමීම් ඉක්බාල් ලබාදුන් අපහසු උඩපන්දුවක් සුරැකිව රැකගත් ධනුෂ්ක ගුණතිලක ඊට පෙරාතුව ශකිබ් අල් හසන් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සමත්වීම හේතුවෙන් නොතිබූ කඩුලු දෙකක් ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

Capture

 


2018/01/25 11.23 AM බංග්ලාදේශය මුලින්ම පිත්ත අතට ගනියි

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සුවිශේෂී තරගයක් වන්නේ මෙහි ප්‍රතිඵලය අනුව අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය වෙන හෙයිනි. බංග්ලාදේශ කණ්ඩායම ලබාදෙන ඉලක්කයට වඩා ලකුණු 70කට වැඩියෙන් ශ්‍රී ලංකාව තරගය පරාජය වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

තරගය ශ්‍රි ලංකා කණ්ඩායම ජයගතහොත් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.

ආබාධයකට ලක්වූ කුසල් පෙරේරා වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා ඇත. ණුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරයි

cricket-sri-ban_c70456c4-1160-11e7-be49-55692bf38950

 



Recommended Articles