බංග්ලාදේශය පැරදුවත් ලංකාව තවමත් බංග්ලාදේශයට පහළින්


බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.

බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 84ක් හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානයට දකුණු අප්‍රිකාවට පත්ව ඇති අතර, දෙවැනි ස්ථානය ඉන්දියාවට ලැබී තිබේ.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

01 දකුණු අප්‍රිකාව, 02 ඉන්දියාව, 03 එංගලන්තය, 04 නවසීලන්තය, 05 ඔස්ට්‍රේලියාව, 06 පාකිස්තාන, 07 බංග්ලාදේශය, 08 ශ්‍රී ලංකාව, 09 කොදෙව්, 10 සිම්බාබ්වේ

මෙහි ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර අංක එක ස්ථානය විරාත් කෝලිට හිමිව තිබෙන අතර, මෙහි මුල් ස්ථාන 10 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැත. පන්දු යවන්නන් අතර මුල් ස්ථානය ඉම්රාන් තාහීර්ට හිමිව තිබෙන අතර, එහිද මුල් ස්ථාන 10 අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙක් නොමැත. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබේ.

 



Recommended Articles