බංග්ලාදේශය තවත් තරගාවලි ජයක් අබියස


සෞම්‍යා සර්කාර් හා සබීර් රෙහෙමාන්ගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් තරග 4 කින් යුත් විස්සයි තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 42 ක පහසු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

බංග්ලාදේශයේ කුල්නාහි ෂේක් අබු නසාර් ක්‍රීඩාංගණයේදී අද (17දා) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිම ගොඩ නැංවූ සබීර් රෙහෙමාන් 43 * හා සෞම්‍යා සර්කාර් ‍ලකුණු 43 බැගින් රැස්කිරීමට සමත් වූහ.

කෙසේ වෙතත් ලකුණු 168 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි.ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 30 ක් රැස්කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සබීර් රෙහෙමාන් කඩුලු 3 ක් දවාලීය.තරගයේ වීරයා සම්මානය සබීර් රෙහෙමාන් හිමිකර ගත්තේය‍.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්ස20 තරගාවලිය ලබන 20 වැනිදා කුල්නාහිදී පැවැත්වේ.
 

බංග්ලාදේශය  167/3 (පන්දුවාර 20)

සබීර් රෙහෙමාන් 43 (නෙදැවී) (පන්දු 30, 4x1, 6x3 )

සෞම්‍යා සර්කාර් 43  (පන්දු 33, 4x3, 6x3)

සකීබ් අල් හසන් 27 (නොදැවී) (පන්දු 17, 4x2, 6x1)

ග්‍රේම් ක්‍රෙමර් 1/29 (පන්දුවාර 4)

වෙලිංටන් මසකඩ්සා 1/32 (පන්දුවාර 4)

සිම්බාබ්වේ   125/8 (පන්දුවාර 20)

හැමිල්ටන් මසකඩ්සා 30 (පන්දු 28, 4x3, 6x2)

 මැල්කම් වොලර් 29 (පන්දු 21, 4x3, 6x1)

වුසි සිබන්දා 21 (පන්දු 17, 4x2, 6x1)

සබීර් රෙහෙමාන් 3/11 (පන්දුවාර 2.1)

මුට්සෆිසුර් රෙහෙමාන් 2/19 (පන්දුවාර 3.5)

 



Recommended Articles