බංග්ලාදේශයට ජාත්‍යන්තර තහනමක් පැනවිය යුතුයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර  පැවැති තරගයේදී කලහකාරී ලෙස හැසිරුණ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරග කිහිපයක තහනමක් පැනවිය යුතු යැයි ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං සඳහන් කරයි. පසුගිය 16 දා පැවැති මෙම තරගයේදී බංග්ලාදේශය ජයගත් අතර එම තරගය තුළදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කලහකාරී ලෙස හැසිරණහ.

“ඒක නිදහස් කුසලාන තරගාවලියක්. අමතක කරන්න එපා. නායකයා කණ්ඩායම මෙහෙය වන විට ආදර්ශයන් තැබිය යුතුයි. මමත් මෙවැනි දේ සඳහා සම්බන්ධ වී තිබෙනවා.

මේ ඔබ නැවතත් හැරී බැලිය යුතු ආකාරයේ සිදුවීමක්. එවිට ඔබ ලැජ්ජාවට පත්වේවි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක තත්ත්වයක්. මේ නිසා බංග්ලාදේශයට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අහිමිවුණා. 

ඔවුන් (අයි.සී.සී) කළ යුතු දේ කළේ නෑ. විනිසුරු තීරණවල වැරදි තිබුණා තමයි. නමුත් ඒවා තරගයක වෙන්න පුළුවන්. ඔබට ඔබගේ ක්‍රීඩකයන් පිටියෙන් පිටතට කැඳවන්න බෑ.”

ඉන්දියා ටුඩේ ඇසුරෙනි

harbhajan-singh_647_070315053034 copy copy



Recommended Articles