බංග්ලාදේශයට ලකුණු 215 ඉලක්කයක්


නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පනදුවාර 20 අවසානයේදී කඩුලු 6ට ලකුණු 214 රැස්කළේය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහරදුන්නේය. කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට පන්දුවාර 4.3 කදි ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැංවීය. ධනුෂ්ක ලකුණු 26කට දැවි ගිය  අතර ඉන් පසුව පිටියට පිවිසි කුසල් පෙරේරා කුසල් මෙන්ඩිස් සමග එක්ව පන්දුවා 8.5 කදී ලකුණු 85 ක සබඳතාවක් පැවැත්වීය. කුසල් මෙන්ඩිස් ලකුණු 57ට දැවී ගියේය.

ඉන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 6.4කදී කඩුලු 4ට  ලකුණු 73ක් රැස්කළේය. පිට පිටම දෙවැනි අර්ධ ශතකයද රැස්කළ කුසල් පෙරේරා ලකුණු 74ක් රැස්කළේය. උපුල් තරංග පන්දු 15 කට ලකුණු 32ක් රැස්කිරීමට සමත්විය.

1 2 Sri Lanka India Cricket

 

 



Recommended Articles