බංග්ලාදේශයට ලකුණු 211 ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ට ලකුණු 210ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20කදී ලකුණු 211ක් රැස්කළ යුතු වෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් පන්දුවාර 11කදී ලකුණු 98ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.

කුසල් මෙහිදී පිට පිටම සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකයද රැස්කළේය. ඔවුන් ලබාදුන් ආරම්භය තිසර පෙරේරා, උපුල් තරංග හා දසුන් ශානක එක්ව කෙටි එහෙත් වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් ඉදිරියට රැගෙන ගියහ.

Kusal Mendis, Danushka Gunathilaka 1



Recommended Articles