බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට චන්දිමාල් එක්වෙයි


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාං සංචිතය නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. රංගන හේරත්ගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරද ඇතුළත්වෙයි.

එසේම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදීත් අවස්ථාව හිමිව තිබේ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව හා පැවැති විස්සයි20 තරගාවලියේදී චන්දිමාල්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය හිමි නොවුණි. 

ශ්‍රී ලංකා සංචිතය - රංගන හේරත්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවණ් ප්‍රදීප්, විකුම් සංජය බණ්ඩාර, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර

 

 



Recommended Articles