බංගලි ව්‍යාඝ්‍රයන්ට ඇෆ්ගන් ක්‍රීඩකයන් හමුවේ තරගාවලි පරාජයක්


ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ඊයේ (07දා) පැවති තරගයෙන් එක් ලකුණක තියුණු  ජයක් හිමි කර ගැනීමට අෆ්ගන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව තරගාවලියේ ජය ඇෆ්ගනිස්තානයට හිමි වූ අතර  අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලක්ණු 145ක් රැස් කිරීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 06ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි. එහිදී අවසන් පන්දු වාරයේදී  ජයග්‍රහණය සඳහා ලකුණු 30ක් අවශ්‍ය වූ අතර ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆික රහීම් 19 වන පන්දු වාරයේ අවසන් පන්දු 05ට හතරේ පහර 05ක් එල්ල කරමින් බංග්ලාදේශයට ජයග්‍රහණයේ බලාපොරෝත්තු ඇති කළද එම උත්සාහය රෂීඩ් ඛාන් හමුවේ බොඳවී ගියේය .

තරගයේ වීරයා සම්මානය පන්දු 37කදී ලකුණු 46ක් රැස් කළ මුෂ්ෆික රහීම් හිමි කරගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන්ට හිමිවිය.

afga

 

 

 

 

 

 

 

 



Recommended Articles