පොලිස් රග්බි කණ්ඩායම යුද හමුදාව පරදයි


ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් පොලිස් කණ්ඩායමට පහසු ජයක් 

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27 – 18 ක ජයක් ලැබීමට පොලිස් කණ්ඩායම සමත් විය.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පළමු අර්ධයේ ලකුණු 17-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර මගින්ද යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක හා දඬුවම් පහර 2 ක් මගින්ද සිය ලකුණු රැස්කළේය.

කෙසේ නමුත් මෙම තරගාවලියේ පළමු වටයේ පැවති තරගයකින් පොලිස් කණ්ඩායම යුද හමුදාව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles