පෘතුගාලය දිනුවත් පරාදයි


පෘතුගාලය 2-1 ඝානාව

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙසින් තරගාවලියෙන් ඉවත්වීමට පෘතුගාල කණ්ඩායමට සිදුවිය.

ඝනාව හමුවේ ඊයේ පැවැති තරගය ගෝල 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට පෘතුගාල කණ්ඩායම සමත්විය. නමුත් ඔවුන් හා ඇමෙරිකාව ප්‍රසාද ලකුණු 4 බැගින් සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් අවසන් 16 දෙනාගේ වටයට යාම සඳහා ගෝල වෙනස සලකා බැලූ අතර, එහිදී පෘතුගාල කණ්ඩායමේ ගෝල වෙනස -3ක් ලෙසින්ද ඇමෙරිකාවේ ගෝල වෙනස 0ක් ලෙසින්ද දැක්වූ හෙයින් පෘතුගාලයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

පෘතුගාලය වෙනුවෙන් රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

ඇමෙරිකාව 0-1 ජර්මනිය

ඇමෙරිකාව හා ජර්මනිය අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් ජර්මනිය ජයගත්තත් කණ්ඩායම් දෙකම 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය. ජර්මනිය වෙනුවෙන් තෝමස් මුලර් ගොලයක් වාර්තා කරනු ලැබීය.

ඇල්ජීරියාව 1-1 රුසියාව

රුසියාව හා පැවැති තරගය ගෝල 1-1ක් ලෙසින් විසඳුමකින් තොරව අවසන් වුවත්, ඇල්ජීරියාව  16 දොනාගේ වටයට සුදුසුකම් ලැබීය.

බෙල්ජියම 1-0 කොරියාව

කොරියාව හා  පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් බෙල්ජියම ජයගත් අතර, ඒ හේතුවෙන් බෙල්ජියම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

 

 



Recommended Articles