පියාගෙන් පසු පුතා


එළඹෙන ජනවාරි මසදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිත 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින සුවිශේෂ යොවුන් ක්‍රීඩකයන් දෙපළක් පිළිබඳව මේ වනවිට ලොව පුරා අවධානය යොමුව ඇත. ඔස්ටින් වෝ හා තැන්ඩො නිටිනි මෙම ක්‍රීඩක දෙපළ වෙති.

ඊට හේතුව මොවුන් දෙදෙනා අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දෙපළකගේ පුතුන් දෙදෙනෙකු බවට පත්වීමයි.

ඔස්ටින් වෝ හිටපු ඔස්ට්‍රේලියානු නායක ස්ටීව්වෝගේ පුතා වන අතර තැන්ඩේ නිටිනි හිටපු දකුණු අප්‍රික වේග පන්දු යවන්නෙකු වන මකායා නිටිනිගේ පුතාය.

 ඔස්ටින් වෝ අවුරුදු 17න් පහණ ඔස්ට්‍රේලියා ජාතික ශූරතාවලියේදී නොදැවී ලකුණු 122ක් රැස්කරමින් 2016 වසරේදී ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවධානය දිනාත් ක්‍රීඩකයෙකු වන අතර තැන්ඩෝ මේ වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකා 19න් පහළ කණ්ඩායම හා කොදෙව් 19න් පහළ කණ්ඩායම අතර පැවැති තරගයකදී ලකුණු 56ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වී ඇත.

Former-Australian-captain-Steve-Waugh-C-and-his-son-Austin-talk-with-Brett-Lee-of-Australia-during-day-one-of-the-npower-2nd-Ashes-Test-Match-between-England-and-Australia-at-Lord-s-on-July-16-2009-in-London

2009 වසරේදී ඔස්ටින් වෝ සිය පියා වන ස්ටීව් වෝ හා බ්‍රෙට්ලී සමග 2009 වසරේ අළුබඳුන ටෙස්ට් තරගාවලියේදී

Thando-Ntini

2009 වසරේචී මකායා නිටිනි සිය පුතු සමග තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රිඩා කිරීමට සෙන්චූරියන් පිටියට පිවිසෙමින්



Recommended Articles