පාපන්දු කාන්තා රන් පදක්කම වයඹට


 යාපනය දුරෙයඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ ඊයේ (01) සන්ද්‍යාවේ පැවති පාපන්දු කාන්තා අවසන් තරගයේ රන් පදක්කම දිනාගැනීමට වයඹ (කහ) පළාත් කණ්ඩායම සමත්විය. තරගයේ 15 වැනි මිනිත්තුවේදී වයඹ පළාත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එච්.ඒ.ටී.ඩී. ජයසිංහ තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කළේය. ඒ අනුව මෙහි රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට බස්නාහිර පළාත් කණ්ඩායමට සිදුවිය.

මෙම තරගයේ ආරම්භක අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකළා මහේෂ්වරී ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු



Recommended Articles