පාකිස්තානය විස්සයි20 ශූරතාව දිනයි


සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර අද (29දා) පැවැති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන්ද ලකුණු 15ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.

හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 136/6 ක් රැස්කිරීමට සමත්විය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121/7 ක් පමණි.

තරගයේ වීරයා ලෙස උමර් අක්මාල් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඉමාද් වසිම් සම්මාන දිනාගත්තේය.


Recommended Articles