පාකිස්තානය තරගයට එයි


(UPDATE) ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 35ක් ඇතුළතදි දවා ගනිමින් පාකිස්තාන කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ විය. පන්දුවාර  15ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 118ක් ඉදිරියෙන් සිටියි.

ඡායාරූප ශාන්ත රත්නායක 


සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී  ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තිරණාත්මක තෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තාන පළමු ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද සමත් වූහ.

ඒ අනුව ලකුණු 63ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹීය.

පාකිස්තාන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 78ක් රැස්කළේය.

නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් හා තරිඳු කෞෂාල් කඩුලු තුන බැගින් දවා ගනු ලැබූහ. 



Recommended Articles